කෙටිම කාලයකින් කිලෝමීටර් 10ක් පයින් ගිය ලොව ළාබාලම දැරිය ලෙස ලෝක වාර්තාක් තබමින් ඉන්දියාවේ පවත්වාගෙන යන සුප්රසිද්ධචෝලන් ලෝක වාර්තාපොතට ඇතුළත් වීමට ශ්‍රී ලාංකික 8 හැවිරිදි පාසල් සිසුවියක වන ජී.හිරුකි බිනෝද්‍යා සමත්ව සිටින්නීය.පැය එකහමාරක් තුළ කිලෝමීටර් 10 ක් පයින්ගමන් කරමින් ඇය මේ වාර්තාව සඳහා හිමිකම් කීවාය.
කැලණිය පිලපිටිය ජනාධිපති විද්‍යාලයේ 3 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඇය චෝලන් ආයතනය මගින් මේවාර්තාව පිළිබඳව ඉකුත් 18 දා පැවැත්වූපරීක්ෂණයෙන් සමත්ව මෙම ලෝක වාර්තාවටහිමිකම් ලබාගත්තාය .එදින ඇය චෝලන්ආයතනයේ විනිශ්චය මන්ඩලයේ අධීක්ෂණය යටතේපිලපිටිය ජනාධිපති විදුහලේ සිට ගමන් අරඹාකිලෝමීටර් 10 ක් පැය එකහමාරක් තුළ ගමන්කරමින් ආපසු විදුහලටම පැමිණියාය
ශ්‍රී නාගවානි රාජා, Cholan Book of World Records හිශ්රී ලංකා ශාඛාවේ උප සභාපති ඉන්ද්‍රනාත් පෙරේරාඇතුළු චෝලන් ආයතනයේ නිලධාරීහු මේඅවස්තාවට සහභාගි වූහ. මේ ලෝක වාර්තාවට හේතුව තමා කුඩා කලසිටම තම පියා සමඟ ඇවිදීමට පුරුදු වීම බව ඇය පවසන්නීය.
ජේ.ඉඳුරුවගේ