හිනිඳුම පනංගල ප්‍රදේශයේ පිරිවෙන්විහාරස්ථානයක ස්වාමීන්වහන්සේලා පිරිසක් ගුරුවරයකු හා විහාරස්ථානයේ ආවතේව කළ අයෙකු ඇතුළු විසි හතර දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනයවී තිබේ.
මේ හේතුවෙන්ම පිරිවෙන් විහාරස්ථානයේ වාර්ෂික කඨින පිංකම හා දානයද නතරකර තිබේ.
මෙම පිරිවෙන් විහාරස්ථානය හා සම්බන්ධ තවත් විහාරස්ථාන කිහිපයක්ම නිරෝධායනයට ලක්කිරීමට නියමිතව ඇති බවද තවලම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල ආරංචිමාර්ග පවසයි.
නාගොඩ ප්‍රාර්ථනා ලියනගේ