අද (3) දහවල් පතලක වැඩ කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පස්වලට යටවි මියගොස් ඇතිබව ඇලපාතපොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ ඇලපාත දිමියාව පදිංචි ව සිටි ලක්ෂ්මන් ප්රසන්න ජයවිර(42) සහ සොමිපාල අතුකෝරල(47) යන විවාහක පුද්ගලයින් බවද පොලිසිය පවසයි.
අද දහවල් ඇලපාත දිමියාව ප්රදේශයේ බැකෝ පතලක වැඩ කරමින් සිටියදි හදිසියේ ඇතිවු ගිලා බැසිමකින් සේවය කරමින් සිටි අය පස් වලට යටවිඑක් අයෙක් මියගොස් ඇති බවත් අනෙක් පුද්ගලයා රත්නපුර ශික්ෂණ රෝහලේ හදිසි ප්රතිකාර ඒකකයට ඇතුලත් කරන විටත් මියගොස් ඇතිබව පොලිසිය පවසයි.
මෙම පතල් කැනිම සිදුවු ස්ථානයේ යටින් පතලක පැරනි දෝනාවක් තිබි ඇති බවත් එයට ඉහලින් පතල් කැනිම සිදුවු අවස්ථාවේ එක පාරටම ගිලා බැසිමෙන් පසුව මෙම පුද්ගලයින් යටවි ඇතිබව පොලිසිය පවසයි.
මෙම මරණ සම්බන්ධව පශ්චාත් මරණ පරික්ෂණය රත්නපුර රෝහලේදි 4 වන දින සිදුකිරිමට නියමිතය.
ඇලපාත පොලිස් ස්ථානාධිපති ප්ර.පො.ප.ඉෂාර කරුනාරත්න මහතා ඇතුළු නිළධාරින් විසින් සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරික්ෂණ පැවත්වේ.
රත්නපුර අධිකරණ ඒ.ජි.වික්රමසිංහ