ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වි විපක්ෂයේ අසුන් ගත් පක්ෂ 10 අමාත්‍යධුර ලබා නොගැනීමට තීරණය කර තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමගින් අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවකදී ඔවුන් මේ බව තීරණය කර තිබේ.
කෙසේ වෙතත් ජනතා ගැටලු විසඳීම වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා යෝජනා කරන කමිටු 15ට සම්බන්ධ වී කටයුතු කිරීමට ඔවුන් එකගතාව පළකර තිබේ.
විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ඇතුළු මන්ත්‍රීවරුන් මෙම පක්ෂ 10 නියෝජනය කරයි.