සිසේරියන් සැත්කමකට ලක් කළ තරුණ කාන්තාවකගේ උදරයේ ‘පුළුන්’ හා ‘ගෝස්’ ගුලි ඉතිරිකර මසා දමා නොසැළකිලිමත් අන්දමින් කටයුතු කර ඇගේ ජීවීතය අනන්තරාදායක තත්වයට පත් කිරීම සම්බන්ධයෙන් සැත්කම කළ විශේඥ වෛද්‍යවරයාට හා ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකට රුපියල් ලක්ෂ 30ක වන්දියක් ගෙවීමට කොළඹ ප්‍රධාන දිසා විනිසරු සඳුන් විතාන මහතා අද (30) නියම කළේය.
සැත්කම කළ විශේඥ වෛද්‍යවරයාගේ හා ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලේ නොසැළකිල්ල හේතූවෙන් මාස 05කට අධික කාලයක් තමන්ට විඳීමට වු අනෙක වු දුක් කරදර සඳහා රුපියල් කෝටියක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලා පැවරූ නඩුව සම්බන්ධයෙන් පවැති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව පැමිණිලිකාර මවගේ වාසියට තීන්දුව දුන් දිසා විනිසරුවරයා සැත්කම කළ විශේඥ වෛද්‍යවරයා සහ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහල එක්ව පැමිණිලිකාරියට රුපියල් ලක්ෂ 30ක වන්දියක් ගෙවීමට නියම කළේය.
කැලණිය දළුගම ජොනික්වත්තේ පදිංචි එම්.සී.ටී.ඩී. පෙරේරා මහත්මිය ගොනු කළ නඩුවක් විභාග කිරරීමෙන් අනතුරුව මෙලෙස වන්දි ගෙවීමට නියම කරන ලද්දේ එම නඩුවේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි විශේඥ වෛද්‍ය සී. වර්ණුලසුරිය මහතා සහ කොළඹ 10 නොරිස් කැනල් පාරේ සෙන්ට්‍රල් රෝහලටය.
23 හැවරිදි වියේ පසුවු පෙත්සම්කාර පෙරේරා මහත්මිය ඇගේ දෙවැනි දරු ප්‍රසුතිය සඳහා විශේඥ වෛද්‍ය සී. වර්ණුලසුරිය මහතා යටතේ 2016 ජනවාරී 03 වැනිදා සෙන්ට්‍රල් රෝහලට ඇතුලත් කළ බවත් එදිනම කළ සීසේරියන් සැත්කමක් මඟින් ඇය නීරෝගී දරුවකු බිහිකළ බවත් දැනුම් දුන් නීතීඥ සමන්ති ගමගේ මහත්මිය දරුවා බිහිකිරීමෙන් අනතුරුව දිගින් දිගටම අධික වේදනාවක් සමඟ විවිධ සංකූලතා මතුවීම හේතූවෙන් මේ පිළිබඳ විශේඥ වෛද්‍ය සී. වර්ණුලසුරිය මහතාට අවස්ථා කිහිපයකදීම දැනුම් දුන්නත් ඔහු ඒ පිළිබඳ නිසි සැළකිල්ලක් දක්වා නැතැයිද සඳහන් කළාය.
ඇගේ රෝගී තත්වය වඩාත් දරුණු අතට පත්වීම නිසා ඇය විශේඥ වෛද්‍ය මහාචාර්්‍ය අර්ජුන ද සිල්වා මහතා හමුවීමෙන් අතුරුව කළ ස්කෑන් පරීක්ෂණයේදී ඇගේ බඩවැල් ආශ්‍රීතව පුළුන් වැනි ද්‍රව්‍යයක් හඳුනා ගැනීම නිසාත් ඇගේ රෝගී තත්වය උත්සන්න වීම නිසාත් විශේඥ වෛද්‍ය මහාචාර්්‍ය මොහාන් ද සිල්වා මහතා ලවා වහාම ශල්‍යකර්මයකට ලක් කළ බව දැනුම් දුන් නීතීඥ සමන්ති ගමගේ මහත්මිය එම ශළ්යකර්මයේදී ඇගේ කුසතුල තීබී ‘පුළුන්’ හා ‘ගෝස්’ ගුලි දෙකක්ද ඒ සමඟ ඇලී තිබු බඩවැලේ කොටසක්ද ඉවත් කළ බවත් දැනුම් දුන්නාය.
විශේඥ වෛද්‍ය සී. වර්ණුලසුරිය මහතා නොසැළකිළිමත් අන්දමින් ශල්‍යකර්මය කිරීම හේතූවෙන් මෙන්ම ඒ පිළිබඳ කළ පැමිණිලි පවා නොසළකා හැරීම නිසා මේ තත්වය උද්ගත වු බවත් ඇයට මාස 05ක පමණ කාලයක් ගතවතුරු කිසිවකුගේ පිහිටක් නොමැතිව ස්වාධීනව කටයුතු කිරීමට නොහැකි වු බවත් පවසන නීතීඥ සමන්ති ගමගේ මහත්මිය මේ සිද්ධිය හේතූවෙන් අලුත උපත් දරුවාට කිරි දීමට නොහැකි වු බවත් වැඩිමහල් දරුවා පිළිබඳ නිසි සැළකිල්ලක් දැක්වීමටත් ඇයට නොහැකි බවත් පෙන්වා දුන්නාය.