මේ වසරේ නොවැම්බර් මස 17 දින වන විට රටේ නව ජනාධිපතිවරයෙක් පත් වන බවත්, එසේ තේරිපත් වන නව ජනාධිපතිවරයා ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපෙක්ෂක අනුර කුමාර දිසානායක මහතා බවට මේ රටේ ජනතාව විශ්වාස කරන බව ජාතික ජන බලවේගයේ පා.ම අචාර්ය හරිනි අමරසුරිය මහත්මිය පැවසිය.
පා.ම අචාර්ය හරිනි අමරසුරිය මහත්මිය ඒ බැව් කියා සිටියේ (07) දින නාවලපිටිය මාවතුර නගරයේ පැවති බිදවැටුණු මව්බිම ගොඩනගන විසදුම යන මැයෙන් පැවැත් වු ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් සමග පැවති හමුවකදිය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු පා.ම අචාර්ය හරිනි අමරසුරිය මහත්මිය කියා සිටියේ රටේ බහුතර ජනතාවක් ජාතින ජන බලවේගය සමග එක්රැස් වි සිටින බවත්, එම ජනතාවගේ නොමග යැවිම සදහා මේ වන විට රජය පාර්ශවයෙන් සහ විපක්ෂයෙන් විවිධ මත පල කරන බවයි.
ජාතික ජන බලවේගය කරා එක්රැස් වි සිටින රටේ ජනතාව රජයෙන් සහ විපක්ෂයෙන් සිදු කරන අවලාද පිලිනොගන්නා බවත්, දිනෙන් දින ජාතික ජන බලවේගයට රටේ බහුතර ජනතාවක් එක්වෙමින් සිටින බවයි.