නොවැම්බර් මාසයේදී ශ්රි ලංකාවට සංචාරකයන් 184 158ක් පැමිණ ඇති බව ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. මෙය 2023 වාර්තා වූ 151 496ක් වූ අගය සැසදීමේසී සියයට 21.5ක වර්ධනයකි.
එසේම මේ වසරේදී නොවැම්බර් 30 දා වන විට ශ්රී ලංකාවට සංචාරකයන් 1 804 873ක් පැමිණ තිබේ. ශ්රී ලංකාවට වැඩිම සංචාරක පිරිසක් පැමිණ ඇත්තේ 2018 වසරේදී වන අතර එම අගය 2 333 796කි.
මේ වසරේදී ශ්රී ලංකාවට සංචාරකයන් මිලයන දෙකක් ඉක්මවා පැමිණීමට වැඩි ඉඩක් පවතී.