නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ විදුලි උත්පාදන යන්ත්‍ර රත්වීම පාලනය කිරීම සඳහා අවශ්‍ය සිසිලන ක්‍රියා වලිය සඳහා යොදා ගැනීමට රැගෙන ආ, රුපියල් කෝටි ගණනක් වටිනා ජෙනරේටරයක් භාවිතයට නොගෙන අතහැර දමා ඇති බව ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා අණාවරණය කළේය.
ඒ මහතා මේ බව පැවසුවේ අද (11දා) අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අසේල සම්පත් මහතා,
"මේ ඡායාරූපයේ තියෙන්නේ අවුරුදු දහයක් තිස්සේ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ හයි කරලා තියෙන ජෙනරේටරය. මේක හයි කරලා තියෙන්නේ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ මැෂින් අක්‍රිය වෙනවනම් ඒකෙ සිසිලන පද්ධතියට අවශ්‍ය වන ජෙනරේටරයක් තමයි මේ තිබෙන්නේ.
මේ ජෙනරේටරය මගින් පුළුවන් නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ විදුලි බිද වැටීම් නවත්ත ගන්න. අපි අහනවා රන්ජන් ජයලාල්ගෙන් ඇයි මේක භාවිතා කරන්නේ නැත්තේ කියලා.
අවුරුදු දහයක් තිස්සේ මේ ජෙනරේටරේ භාවිතාවට ගන්නේ නෑ. මේවට උත්තර දෙන්න. ඇත්තද බොරුද කියල කියන්න.
කුසේ ඉන්න දරුවා බලලා කියන්න පුළුවන් නම් ගැහැණු ළමයෙක්ද, පිරිමි ළමයෙක්ද කියලා. වාහනයක ඉන්ධන ඉවර වෙන කොට රතු කට්ට පෙන්නනවා, එන්ජිම රත් වෙන කොට කලින් පෙන්නනවා.එහෙම රටක ඇයි බැරි නොරොච්චෝලේ මෙහෙම කාර්මික දෝෂයක් එනවා කියලා කලින් දැන ගන්න.
නැවත රට අඳුරට යන තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඒක මේ රජයේ නොහැකියාවද? එහෙම නැත්නම් තවමත් පවතින නිලධාරී වාදයේ තියන මාෆියාවද කියන එක සම්බන්ධව වහාම රජය උත්තර ලබා දෙන්න ඕනේ.
ඒත් එක්කම මේ වෙනකොට පැය එක හමාරක විදුලිය විසන්ධි කිරීමක් ලංකාව පුරා ක්‍රියාත්මක වෙනවා මේ වදුරා පැනීම තුලද, මේ මේ පැය එකහමාරක විදුලිය විසන්ධි කිරිම සිදු වුණේ කියලා අපි ප්‍රශ්න කරනවා.
නොරොච්චෝලේ විදුලි බලාගාරයේ දෝෂය වළක්වා ගන්න බැරි උන නිසා, අද මේ වන විට ඇමතිවරයාත් නොමග යවලා මේ නිලධාරින්. මේ රට අඳුරට යන්න ඉඩ හැරලා තිබෙනවා. ඒ නිසා සැලැස්මක් තියෙන්න ඕන. මෙවැනි මොහොතක මේ නොරොච්චෝලේ යම් කාර්මික දෝෂයක් එනවනම් ඒවා කලින් පෙන්නුම් කරන සිස්ටම් තියෙන්න ඕනේ. අද ලෝකය දියුණුයි
ඉර පායනවට මේ අප්පුහාමිලා කැමති නැහැ. ඉරෙන් ලැබෙන සූර්ය බල ශක්තිය ගන්න මේ අය කැමති නැහැ. එත කොට මේ අයට, ගල් අඟුරු වලින් සහ ඩීසල් වලින් කොමිස් එන්නේ නැහැ. මේක තමයි ප්රශ්නය.
වඳුරෙක් පැන්නා කියලා කිව්වා , ඊට පස්සේ කිව්වා පසුගිය කාලේ අදුරු දර්ශී පාලනය කියලා ඇයි මේ නිලධාරීන් ගැන කතා කරන්නේ"
1. අතහැර දමා ඇති බව කියන එම විදුලි උත්පාදන යන්ත්‍රය.