නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ ක්‍රියාත්මක වෙමින් පැවති පළමු ජනන යන්ත්‍රයද 9 දින රාත්‍රියෙ සිදුවු දිවයින පුරා සිදුවු හදිසි විදුලි බිද වැටිමත් සමග නැවති යාමේන් එම බලාගාරයෙන් මේ වන විට ජාතික පද්ධතියට විදුලිය ලබා දීම සම්පුර්ණයෙන් නැවති ඇති බව විදුලි බල මංඩල මාධ්‍ය ප්‍රකාශක ඉංජීනේරු නොයෙල් ප්‍රියන්ත මහතා 10 දින පැවසිය.
නොරෝච්චෝල බලාගාරයෙන් විදුලිය නිෂ්පාදනය නැවති ගියද මේ වන විට ජල විදුලි බලාගාර ආශ්‍රීතව පවතින ජල මට්ටම අනුව විදුලි පාරිභෝගිකයින් අපහසුතාවන්ට පත් නොකර විදුලිය ලබා දීමට හැකිව ඇති බව ඉංජීනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පවසයි.
නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ දෙවන හා තුන්වැනි ජනන යන්ත්‍ර නඩත්තු කටයුතු සඳහා මෙයට පෙර නවතා තිබු අතර විදුලිය නිෂ්පාදනය කරමින් තිබු පළමු ජනන යන්ත්‍රය ද 9 දින සිදුවු විදුලි බිද වැටිමත් සමග එකවර අක්‍රියවි ගිය බව කියයි.
කෙසේ නමුත් මෙ වන නඩත්තු කටයුතු සදහා නවතා තිබු තුන් වන ජනන යන්ත්‍රය නැවත ක්‍රියාත්මක කර ජාතික විදුලි පද්ධතියට විදුලිය ලබා දිමට කටයුතු කරමින් සිටින බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පැවසිය.
9 දින හදිසි බිද වැටිමකය ලක්විමට පෙර ලක්විජය බලාගාරයෙ පළමු ජනන යන්ත්‍රයෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 300 ක විදුලි ධාරිතාවක් ලබා දීම සිදුව තිබුනී.
කෙසේ නමුත් නොරෝච්චෝල බලාගාරයෙ බිද වැටිමක් සිදුවුවද විදුලි පාරිභෝගිකයින්ට නිසි ලෙස අඛණ්ඩව විදුලිය ලබා දීමට කටයුතු කරමින් ඇති බව මාධ්‍ය ප්‍රකාශක ඉංජීනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පවසයි.