නෙළුම් කුළුණ පරිශ්‍රයේ පැවති සංගීත ප්‍රසංගයක් අතරතුර රෝගාතුර වී කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය තරුණයෙකුගේ සහ තරුණියකගේ මරණ සම්බන්ධයෙන් විවෘත තීන්දු ලබා දුන් බව මරදාන පොලිසිය කියයි.
මෙලෙස මියගොස් තිබුනේ මුල්ලේරියාව උඩුමුල්ල මාළිගාගොඩැල්ල පාර පදිංචිව සිටි 27 හැවිරිදි තරුණියක් හා දෙහිවල අත්තිඩිය මන්ත්‍රී මුල්ල පාර පදිංචිව සිටි 24 තරුණයෙකුයි.
අදාළ මරණ සම්බන්ධයෙන් පුද්ගලයන් දස දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගත් බවත් ඒ අතර සංගීත ප්‍රසංගය සංවිධානය කළ පුද්ගලයා ද සිටින බවත් පොලිස් නිලධාරියකු පැවසීය. ඉකුත් 7 වෙනි දින නෙළුම් කුළුණ පරිශ්‍රයේ පැවති සංගීත ප්‍රසංගයේ ටිකට් පතක් රුපියල් 9000ක මිලකට අලෙවි වී අතර ඒ සඳහා 2000 කට ආසන්න පිරිසක් සහභාගී වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
8 වෙනිදින දින අලුයම 4 ට පමණ මියගිය තරුණිය අසනීප වී ඇති අතර ඇය කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව පැය කිහිපයකට පසු මිය ගොස් ඇත. එදිනම 24 හැවිරිදි තරුණයාද රෝගාතුර වී ඇති අතර රෝහල් ගත කිරීමෙන් අනතුරුව පසු දින මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මියගිය දෙදෙනාම මත්පැන් පානය කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි
තරුණයාගේ සහ තරුණියගේ මරණ සම්බන්ධයෙන් මාළිගා කන්ද අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත්වරයා එම ස්ථානයට පැමිණ පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා එහි වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කර තිබිණි
ඒ අනුව අධිකරණ වෛද්‍ය නිලධාරී ඩි එම් ටි ඩබ් කුමාර මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මළ සිරුරුවල කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කර විවෘත තීන්දුවක් ලබා දුන් බව මරදාන පොලිසිය වැඩිදුරටත් පැවසීය
මරදාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉෂාන්ත කුමාර ඇපල කොටුව මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම් ඒ සි සම්පත් මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි