‘සෞභාග්‍යයේ දේශය’ ගොඩ නගනවා යැයි කියා පැමිණි ආණ්ඩුව මේ වන විට විට ‘කසළ දේශයක්’ ගොඩ නගමින් සිටින බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.
රටට නුසුදුසු බවට වාර්තාවලින් තහවුරු කළ පොහොර නැව ආපසු හරවා යවන බව ආණ්ඩුව පැවසුවත් ඒ කසළ සහිත රටට නුසුදුසු පොහොර නැව නැවතත් ලංකාවට එමින් තිබෙන බව ද විපක්ෂ නායකවරයා පැවසීය.
අද වනවිට ආණ්ඩුව විසින් මේ රටේ සමස්ත ජනතාවම අතිශය දුෂ්කර අඩියකට තල්ලූ කොට ඇති බවත් ජනතාව මේ තරමට පීඩාවට පත්කිරීමට හේතුව තුනෙන් දෙකක බලයක් ලබා දීම ද, නැත්නම් විධායක ජනාධිපති ධුරය ලබාදීමදැයි තමන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බව ඒ මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා තිස්සමහාරාම රන්මිණිතැන්න ගොවියන්ගේ ගැටලූ විමසන ගොවි හදගැස්ම වැඩසටහනට එක්වෙමින් මේ බව පැවසීය.