සිරි දළඳා වන්දනාව වෙනුවෙන් බැතිමතුන්ගේ පැමිණීම වැඩිවීම හේතුනේ ඉදිරි දෙදින තුළ වන්දනාමාන කටයුතු සිදු කිරීම සඳහා පැමිණීමෙන් වළකින ලෙස පොලිස් මූලස්ථානය ඉල්ලා සිටියි.
අද දිනය සිරි දළඳා වන්දනාවේ පස්වැනි දිනය වෙයි. අද පස්වරුව වන විට සිරි දළඳා වන්දනාව වෙනුවෙන් මහනුවර නගරයෙ පෝලිම්වලට ලක්ෂ තුනකට අධික බැතිමතුන් සංඛ්‍යාවක් එක්ව සිටින බව පොලිස් මූලස්ථානය කියයි.
ඒ අනුව හෙට (24දා) හා අනිද්දා (25දා) දෙදින තුළ සිරි දළඳා වන්දනාව සිදු කර ගැනීම සඳහා ප්‍රමාණවත් බැතිමතුන් පිරිසක් දැනටමත් පැමිණ සිටින බැවින් ඉදිරි දෙසින තුළ තවත් බැතිමතුන් පැමිනීමක් සිදුවුවහොත් අලුතින් පැමිණෙන බැතිමතුන්ට වන්දනාමාන කර කර ගැනීමට අවස්ථාව නෙලැබී යා හැකි යැයි පොලිස් මූලස්ථානය කියයි.
ඒ අනුව ඉදිරි දින දෙක තුළ සිරි දළඳා වන්දනාව සඳහා පැමිනීමෙන් වලකින ලෙසට පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.