![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_db61c80c1d.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_ae1d4b8c8a.jpg)
ලංකා ඉතිහාසයේ පළමු වතාවට නුවරඑළියේ වගා කරන ගෝවා බීජ ප්‍රභේදයක් අනුරාධපුර දීස්ත්‍රික්කයේ මහාඉලුක්පල්ලම ප්‍රදේශයේ හේනක වගා කොට සාර්ථක අස්වැන්නක් ලබන තරුණ ගොවියකු පිළිබඳව පුවතක් වා ර් තා විය .
මෙම අත්හදා බැලීම සිදු කරනු ලැබුවේ මහාඉලූක්පල්ලම මහමිගස්වැව ප්‍රදේශයේ පදිංචි ඩී .එම් . සංජීව කැලුම් දිසානායක 29 තරුණයෙකි
සමස්ත තරුණ පරපුරටම ආදර්ශයක් දෙමින් සංජීව කැලුම් දීසානායක මහතාගේ මාස තුනක ඉලක්කගත ආදායම රුපියල් ලක්ෂ පහළොවක් බව සඳහන් කළේය.
තල, බඩ, ඉරිඟු, රටකජු ,ආදී වගා කරන ලද හේනක නුවරඑළියේ වගා කරන ගෝවා ප්‍රභේදයක් මිලදී ගෙන මෙම තරුණයා වගා කොට තිබේ. මේ වන විට අස්වැන්න නෙලන්නට ආසන්නව ඇත . රජරට දැඩිවියලි කාලගුණික තත්ත්වයක් පැවතියද මෙම තරුණයා ගේ ගෝවා වගාව බැලූ බැල්මට නුවරඑළියේ වගාවක් ලෙස දිස්වීම විශේෂත්වයකි.
තරුණ වසායකයෙකු ලෙස කුඩා කාලයේ සිට අලුත් අලුත් ගොවිතැන් ව ර් ග වගා සිදුකිරීම තමන්ගේ සාර්ථක වීමේ උත්සාහයක් බවත් තමන් මෙවර ගෝවා වගා කිරීමට තීරණය කොට පුද්ගලික බීජ සමාගමකින් ජපානයෙන් ගෙන්වන ලද නව දෙමුහුන් ගෝවා බිජ ප්‍රබෙදයක් තෝරාගෙන ඔවුන්ගේ තාක්ෂණික උපදෙස් සහ මඟ පෙන්වීම යටතේ නව වගා ක්‍රමවේදය සොයා ගත් බවත් තමන් පළමු වතාවට එළියේ පමණක්ම වගා කිරීමට සුදුසු ගෝවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ සාර්ථක වගාවක් කළ බව ඔහු පැවසීය.
නුවරඑළියේ වගා කරන ගෝවා බීජ අනෙකුත් ප්‍රදේශ වල වගා කිරීමට නොහැකි බව අනෙකුත් ප්‍රදේශ වලට වෙනත් ගෝවා බිජ ප්‍රබේධ තිබෙන බව සංජීව කැලුම් මහතා පැවසිය
මේ තරුණ මහතා ඉතා සාර්ථකව මෙම වගාව සිදුකළ බවත් මාස තුනක මහන්සියේ ප්‍රතිඵලය ඉලක්කය රුපියල් ලක්ස පහළොවක් බව සඳහන් කළේය
මෙම ගොවි මහතා වෙත තාක්ෂණ දැනුම හා නව ගෝවා බිජ ප්‍රභේදය රජරට වියලි කලාපයට හදුන්වා දුන් පෞද්ගලික ආයතනයක විධායක නිලධාරියකු වන සුජීව වලිසුන්දර මහතා කියා සිටියේ තරුණ තරුණියන් හට නව අත්දැකීම් සහිතව රටට ආර්ථික ශක්තියක් ඇති පුද්ගලයන් බිහි කිරීම වර්තමාන සමාජයේ අත්‍යවශ්‍ය කාරණාවක් බවය
ඒ අනුව සංජීව කැලුම් දිසානායක තරුණායාට සිය ඉලක්ක සපුරා ගැනීමට අවැසි බව සඳහන් කිරීමත් සමඟ ඔහුට අවශ්‍යය සහය ලබා දුන් බව සඳහන් කළේය .
සංජීව කැලුම් මහතා මේ වන විට සම්පූර්ණයෙන්ම වගා ක්‍රමය වෙනස් කරමින් සාර්ථකව අනිත් ගොවීන්ට ආදර්ශයක් සපයන බවත් නිකරුනේ කාලය ගත කරන තරුණයන්ට රටේ අහර නිෂ්පාදන ක්‍රියාවලියට එක්වීමට හැකි බව ත් ඒ ආහාර නිෂ්පාදනය නව තාක්ෂණ දායකත්වය ලබා දිය හැකි බවද ඕනෑම අයෙකුට තම ආයතනය හරහා උදව් කිරීමට හැකි බව සඳහන් කළේය.