නුවරඑළය රෝහලේදී අක්ෂි සැත්කම් වලට භාජනය වීමෙන් අනතුරුව අන්ධභාවයට පත්වූ රෝගීන්ට රුපියල් ලක්ෂ 2.5 සිට රුපියල් ලක්ෂ 10ක් දක්වා වන්දි ප්රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ගැටලුකාරී තත්ත්වයට පත්වූ රෝගීන් 17ක් වෙනුවෙන් මෙම වන්දි මුදල් ලබාදීමෙන් අනතුරුව ඔවුන් සම්බන්ධයෙන් පසු විපරම් කිරීමටද නියමිතය.
එසේම අදාළ බාල ඖෂධ සැපයුම් කළ සැපයුම්කරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.