නුවරඑලිය මහ නගර සභාව යටතේ පාලනය වන නුවරඑලිය බස් නැවතුම්පොලේ පිහිටි පොදු වැසිකිලිය වෙත ගිය පුද්ගලයන් දෙදෙනෙකු අභිරහස් ලෙස මියගොස් ඇති බව නුවරඑලිය මුලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පැවසිය.
(26) දින පස්වරුවේ නුවරඑලිය ප්‍රදේශයේ පදිංචි අවු 72 හැවිරිදි පුද්ගලයෙකු වැසිකිලයට ගිය අවස්තාවේ එම පුද්ගලයා වැසිකිලිය තුලදිම මියගොස් ඇති බවත්, බගවන්තලාව ප්‍රදේශයේ පදිංචි අවු 60 වයසැති පුද්ගලයෙකු (27) දින උදැසන 8 ට එම වැසිකිලියට ගිය අවස්තාවේ මියගොස් ඇති බවයි මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා කියා සිටියේ.
අභිරහස් ලෙස මියගිය දෙදෙනාගේ සිරුරු පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති බවත්, නුවරඑලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේද සහය ඇතිව විමර්ෂණයක් සිදු කරන තෙක් එම වැසිකිලිය මුද්‍රා තැබිමට පියවර ගෙන ඇති බවද ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා පැවසිය.
එම වැසිකිලිය තුලින් දැඩි දුගන්ධයක් හමන බවත්, ඒ පිලිබදව විමර්ෂණ කටයුතු වල අවධානය යොමු වි ඇති බවයි ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා කියා සිටියේ.