කොවිඩ් වසංගත සමයේදී නීතිවිරෝධී අයුරින් පුද්ගලයන් ශ්‍රී ලංකාවට පැමිණීම වැළැක්වීම සඳහා නාවික හමුදාව කටයුතු කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවැසීය.
“රජය විසින් කොවිඩ් වසංගතය මැඩලීමේ සඳහා නාවික හමුදාව යොදා ගත්විට මුහුදු මාර්ගයෙන් කොවිඩ් ආසාදිතයන් ශ්‍රී ලංකාවට පැමිණීම වැළැක්විම සඳහා සුවිශේෂී මෙහෙයුම් රාශියක් කළා.
රජය විසින් ගනු ලැබූ තීරණයක් අනුව මුල් අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ වරායවල් හා ගුවන් තොටුපොළවල් වලින් මගීන් රටට ගැනීම වැළැක්වූ මොහොතේ පටන් මෙම ක්‍රියාදාමයන් අපි ආරම්භ කර තිබුණා.
නීතිමය අයුරින් රටට ඇතුළුවීම වැළැක්වීම වෙනුවෙන් කටයුතු කර තිබෙන අවස්ථාවක නීති විරෝධී අයුරින් රටට ඇතුළුවීම රටට ඇතුවවීමේ කාරණාව හඳුනාගෙන නාවික හමුදාවේ යාත්‍රා මුහුදු තීරයේ ස්ථාපිත කිරීමටත්, ජාත්‍යන්තර මුහුදු සීමාවේ පවා අපෙ නෞකා මෙහෙයුම් සිදුකරමින් විධිමත් ආකාරයට ශ්‍රී ලංකා මුහුදු තීරයේ ආරක්ෂාව තර කිරීමට කටයුතු කළා.”
VIDEO