පාස්කු ඉරුදින එල්ල කෙරුණ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ සාක්ෂි විභාගය ජංගම දුරකථනයෙන් පටිගත කිරීමේ චෝදනාවට වරදකරු වූ නීතිඥවරයෙකුගේ නීතිඥභාවය මාස 08කට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24දා) තීන්දු කළේය.
වෘත්තීය ආචාරධර්ම කඩ කරමින් විත්තිකාර නීතිඥ නිසාම් මොහොමඩ් ෂමිත් නමැත්තා නොහොබිනා ක්‍රියාවක් කර ඇතැයි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල සඳහන් කළේය.
පාස්කු ඉරුදින එල්ල කෙරුණ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ සාක්ෂි විභාගය පවත්වන අවස්ථාවේදී විත්තිකාර නීතිඥවරයා තම ජංගම දුරකථනයෙන් එම සාක්ෂි විභාගය පටිගත කළ බවට එම කොමිසමේ ලේකම් එච්.එම්.බී.පී. හේරත් මහතා කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් පැවැත්වූ නඩු විභාගයෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස තීන්දු කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන බුවනෙක අලුවිහාරේ, මහින්ද සමයවර්ධන, එස්. තුරෙයිරාජා යන මහත්වරුන් හමුවේ පෙත්සම විභාග කෙරිණී.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මහින්ද සමයවර්ධන, එස්. තුරෙයිරාජා යන මහත්වරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා තීන්දුව තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
පාස්කු ඉරුදින එල්ල කෙරුණ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිසමේ සාක්ෂි විභාගය 2020 සැප්තැම්බර් 09වැනිදා පැවැත්වූ අවස්ථාවේදී මොහොමඩ් මුර්ෂියා මර්ෂා මුල්ලා නමැත්තිය සාක්ෂිදී ඇතැයිද ඒ අවස්ථාවේදී නීතිඥවරයෙකු ලෙස කොමිසමේ අසුන්ගෙන සිටි විත්තිකාර නීතිඥවරයා තම ජංගම දුරකථනයෙන් ඇගේ සාක්ෂිය පටිගත කොට ඇති බව හෙළි විය.
සාක්ෂිකරුවකුගේ සාක්ෂි සිය ජංගම දුරකථනයෙන් පටිගත කිරීමෙන් විත්තිකාර නීතිඥවරයා වරදක් කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහු ශ්‍රේෂ්ඨාධිකරණ රීති 23 ප්‍රකාරව සිය වෘත්තීය ආචාරධර්ම යටතේ නොහොබිනා ක්‍රියාවක් කර ඇතැයි තීන්දු කළේය.
ඔහුට මාස 08ක කාලයක් නීතිඥභාවය අත්හිටුවීමට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය 2024 ජනවාරි 01වැනිදා සිට එම අත්හිටුවීම ක්‍රියාත්මක කිරීමටද නියම කළේය.