නීති විරෝධී ලෙස කොටස් එකලස් කරන ලද ලෑන්ඩ් රෝවර් වර්ගයේ ජීප් රථයක් පොල්ගස්ඕවිට වාහන අලුත් වැඩියා කරන ස්ථානයක තිබී ඊයේ (30) සොයා ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
බස්නාහිර පළාත් බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම ජීප් රථය පොලිස් භාරයට ගෙන ඇත.
වාහන අලුත් වැඩියා කරන ස්ථානයේ හිමිකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී මීට වසර එකහමාරකට පමණ ඉහතදී එම ජීප් රථය මහරගම පොලිස් වසමේ අපේක්ෂා බෝධි විහාරාධිපති හේනගම ධම්මදාන හිමියන් විසින් ලෑන්ඩ් රොවර් වර්ගයේ ජීප් රථයක චැසියක් ටයර් හතරක් , සහ පැරණි එන්ජිමක් ගෙනත් දුන් බවට ප්‍රකාශ කළ බව පොලිසිය කියයි.
අනතුරුව වරින්වර එම රථය සකස් කිරීම සඳහා අවශ්‍ය කොටස් එම හිමියන් ගෙනත් දුන් බවත් පසුව මාරවිල ප්‍රදේශයෙන් රුපියල් ලක්ෂ 14- 1/2 ක මුදලකට එන්ජිමක් ගෙනත් දුන් බවත් එම ඇන්ජිම මේ වන විට මෙම ජීප් රථයට සවිකර ඇති බවට වැඩිදුරටත් ප්‍රකාශ කළ බව පොලිසියේ සඳහන් කරයි.
ඊට අමතරව එම ජීප් රථයේ බව කියමින් ලියාපදිංචි සහතිකයක ඡායාරූපයක් ජංගම දුරකථනයක සටහන්ව තිබියදී වාහන අලුත් විඩියා කරන ස්ථානයේ හිමිකරු ඉදිරිපත් කළ බවත් එය කිරිබත්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයකුගේ නම ලිපිනය සඳහන්ව ඇති බවත් පොලිසිය කියයි. ගරාජ් සේවකයා ගෙන් ද ප්‍රකාශ ලබා ගත් බව පොලිසිය සඳහන් කරයි.
අදාලඅදාළ නීති විරෝධී කොටස් එකලස් කරන ලද මෝටර් රථයේ කොටස් විටින් විට වාහන අලුත් වැඩියා කරන ස්ථානයට ලබා දුන් බවට මූලික විමර්ශනවලදී අනාවරණය වූ හේනගම ධම්මදාන හිමියන් ට හෙට (2) ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පෙනී සිටින ලෙස දන්වා පොලිස් පණිවිඩයක්ද නිකුත් කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
අදාල නීති විරෝධී කොටස් එකලස් කරන ජීප් රථය වැඩිදුර විමර්ශන සඳහා කැස්බෑව පොලිසිය වෙතභාරදී ඇත.
ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණ පොලිස් අධිකාරි රෝහන් පුෂ්ප කුමාර මහත්වරුන්ගේ උපදෙස් මත ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශනා අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනුක වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක එම් එච් පි රන්දිම මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.