රටපුරා ධීවරයන් රැකියාව කිරීමේදි යම් යම් නීති විරෝධි ධීවර කටයුතු වල නියැලෙන බවට ඇතැම් ධීවර සංගම් චෝදනා කරන අතර එම කටයුතු මැඩලීමට නොහැකි වී ඇත්තේ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියා කලාපයන් හේතුවෙන් බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ප්‍රකාශ කර සිටියේය.
අමාත්‍යවරයා මෙම අදහස් පලකර සිටියේ ඊයේ (24දා) ධීවර අමාත්‍යංශය මගින් මුලතිව් දිස්ත්‍රික්කය තුළ සිදුකරන සංවර්ධන ව්‍යාපෘතීන්හී ප්‍රගතිය පිළිබදව සොයාබැලීම සදහා සිදුකළ සංචාරයේදි ධීවර අමාත්‍යංශයට අයත් ආයාතනවල නිලධාරීන් හමු වු අවස්ථාවේදීය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා, නීති විරෝධි ධීවර කටයුතු සදහා ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ ක්රියාකලාපයන්ද හේතු වී ඇති බවද , රාජ්‍ය නිලධාරීන් නිදහසට කරුණු නොකියා පවතින නීති රීති වලට අනුව කටයුතු කරන්නේනම් බොහෝදුරට මෙම ගැටලු විසදාගත හැකි බවත්,එසේ කිරීමට නොහැකි රාජ්‍ය නිලධාරීන් සිටිනම් තමන්ට කළ හැකි සුදුසු රැකියාවක් තොරාගැනීමට හැකියාව පවතින බව වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට ධීවර අමාත්‍යංශයට අයත් නිලධාරීන් ඇතුලු ධීවර සංගම් නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.