වත්මන් රජය ප්‍රකාශ කළ ආකාරයෙන් ඉන්ධනවලට පනවා ඇති අසාධාරණ බදු ඉවත් කිරීමට කටයුතු කරනු ලබන්නේ කුමන දිනකදීද යන්න දැනගැනීමට අවශ්‍ය බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ස්ථාවර නියෝග 27/2 යටතේ අද (18දා) ප්‍රශ්නයක් යොමු කරමු කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
නිශ්චිත ලෙසම ඉන්ධන සඳහා වන බදු මුදල් අඩු කරන බවත්, තෙල් සංස්ථාව පාඩු කළ ආකාරය, ඇමතිවරුන් සම්බන්ධ වූ ආකාරය ඉදිරියේදී හෙළි කරන බවත් ඊට ප්‍රතිචාර දක්වමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර - ඔබතුමන්ලාගේ ආණ්ඩුව දිගින් දිගටම ප්‍රකාශ කළ කාරණයක් තමයි තෙල් මිල සම්බන්ධව තිබුණු බදු මුදල් ගැන. රුපියල් 50ක බද්දක් ගන්නවා, ඊට වැඩිය ගන්නවා කියන කාරණය ඔබතුමන්ලා දිගින් දිගටම කතා කළා. ඔබතුමන්ලා ගැසට් එකක් ගහලා තියෙනවා තෙල් මිලේ බදු අඩු කරන්නේ නෑ කියලා.
ඇත්තටම තෙල් මිලට රුපියල් 50ක බද්දක් තියෙනවා, ඒක අපි අඩු කරනවා කියලා සහ කංචන විජේසේකර හිටපු ඇමතිතුමා මේකෙන් මුදල් ගන්නවා කියලා ඔබතුමන්ලා දිගින් දිගටම කතා කළා. හිටපු ඇමතිට මෙච්චර යනවා කියලා. මේවා ඇත්තටම බොරුවටද කිව්වේ නැත්තන් මේක කරන්නද කිව්වේ? දැන් මාස 05ක් වෙනවා ඔබතුමන්ලා මේක ප්‍රකාශ කරලා. ඒත් මේක තවම සිදුවෙලා නෑ. කවද්ද මේ තමුන්නාන්සේලා කිව්ව අසාධාරන බදු අඩු කරන්නේ?
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස - අපි නිශ්චිත ලෙසම මේ බදු අඩු කරන්න කටයුතු කරනවා. ඊයෙත් දැක්කනේ. දෙන්න පුළුවන් සහන උපරිමයෙන් දීලා තියෙන්නේ. අලුත් බදු එකක්වත් පැනවූවේ නෑ. මේ සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ඔබතුමන්ලට ඉදිරියේදී ලබා දෙනවා. කොහොමද තෙල් සංස්ථාව පාඩු කළේ, කොහොමද ඒ කාලයේ හිටපු මන්ත්‍රීවරුන් සහභාගී වෙලා ඉන්නේ, ඒ සියල්ල අපි කියන්නම්. ඇමතිතුමා ඒ ගැන උත්තර දෙයි.