දෙහිවල ප්‍රදේශයේ නිවසක් බිද රුපියල් 1,900,000/= (දහනව ලක්ෂයකට) අධික වටිනා දේපල සොරාගන්නාලද මාලිගාවත්ත පොලීසියට අනුයුක්තව සේවයේ.නිරත වෙමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු දෙහිවල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය.
සැකකරු අම්පාර රුහුණුගම මධ්‍යම කදවුර ප්‍රදේශයේ පදිංචිව සිටින වයස අවුරදු (29) ක්ද වන අතර මාලිගාවත්ත පොලීසියට අනුයුක්තව සේවය කරමින් සිටින පොලිස් කොස්තාපල් වරයෙකුද වන බවටත් හෙලිවී ඇතැයිද පොලීසිය පැවසීය.
මේ පිළිබඳව වැඩිදුර විමර්ශනයේදී සැකකරු මීට පෙරත් නිවාස බිදුම් කරමින් දේපල සොරා ගැනීමේ නියුතුව නිසා පසුගිය 01 වනදින සිට ඔහුගේ සේවය තහනම්කරන ලද බවත් හෙලිවී ඇතැයිද පොලීසිය පැවසීය.
සැකකරුගෙන් වැඩිදුරටත් සිදුකල විමර්ශනයට අනුව සොරාගත් මෝටර් කොටස් රත්මලාන පලවන පටුමග හිස් ඉඩමක මූරකුටියක සගවා තිබියදී පොලිස් භාරයට ගැනීමට හැකිවී ඇතැයිද පොලීසිය පැවසීය.