කෝවිඩ් -19 වසංගතය සමස්ත ලෝකයම වසාගෙන තිබියදී සෑම රටක්ම තමන්ගේ ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ගවලට යුහුසුළුව අවතීර්ණ වනු දකින්නට ලැබෙනවා. බොහෝ රටවල් වෛරසය පැතිරෙන ප්‍රදේශ හුදෙකලා කිරීමේ ක්‍රියාදාමය අනුගමනය කරන්නේ ජනතාව රැස්වීමෙන් තත්ත්වය තවත් දරුණු අඩියකට පත්වීම වළක්වාලීමටයි. කෙසේවෙතත් මේ ක්‍රියාවලිය නිසා දුගී ජනතාව හා නිවෙස් අහිමි ජනතාව මුහුණ දී ඇත්තේ අසීරු තත්ත්වයකටයි. එලෙස අසීරු තත්ත්වයට මුහුණ පා ඇති නිවාස අහිමි හා විශේෂ සැලකිල්ලක් අවශ්‍ය ජනතාවගේ කුසගින්න නිවන්නට ස්වීඩනයේ ඔටුනු පලන් වික්ටෝරියා කුමරිය ඉදිරිපත් වී තිබෙනවා.
42 හැවිරිදි ඇය නිවාස නොමැති සහ අවදානමට ලක්විය හැකි අය සඳහා ආහාර ඇසුරුම් කර ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා . බත් පාර්සලයක් හා වතුර බෝතලයක් සහිත බෑගයක් ඇය විසින් මෙලෙස ලබාදීමට කටයුතු කරනවා. ඇය විසින් ඉතා කැපවීමෙන් හා ඕනෑකමින් සිදුකරන එම පුණ්‍ය ක්‍රියාව ජාත්‍යන්තර මාධ්‍ය තුළ මෙලෙස පළ වී තිබුණා.