ත්‍රිවිධ හමුදාවේ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින හමුදා සාමාජිකයින්ට නිත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව අප්‍රේල්ම 20 වැනිදා සිට මැයි මස 20 වැනිදා දක්වා මෙම පොදු සමා කාලය ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම සමා කාලය අප්‍රේල් මස 02 වන දිනට පෙර නිවාඩු නොමැතිව නොපැමිණ සිටින අය සඳහා පමණක් අදාළ වන බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.
මීට අමතරව නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින දැනට විදේශගතව සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙත ද නැවත ඔවුන්ගේ ආදාළ ඒකකය වෙත වාර්තා කිරීමකින් තොරව පොදු සමා කාලයේ දී කොන්දේසි කිහිපයකට යටත්ව නිත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමට අවස්ථාව සලසා දී තිබේ.