නිවසේ වතුර හැලු බවට දොස් කියමින් තම සහෝදරයාට (අයියාට)කැත්තකින් කොටා ඝාතනය කිරිමක් සම්බන්ධව සැකකරු වන මල්ලි ඇලපාත පොලිසිය විසින්අත් අඩංගුවට ගෙන රත්නපුර වැඩ බලන මහේස්ත්‍රාත් මල්කාන්ති වැකුනගොඩ මහත්මිය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මෙම මස 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.
මෙසේ මියගොස් ඇත්තේ රත්නපුර ඇලපාත උඩ නිරිඇල්ල අළුපත්ගල පදිංචිව සිටි පාතගම අඟුරුකාරගේ ජයසුරිය නැමති 46 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.
පසුගිය හත්වන දින රාත්‍රියේදි මියගිය සහෝදරයාගේ නිවසට පැමිණ ඇති සැකකරු (මල්ලි නිමල් රත්නායක අවුරුදු33) නිවසේ වතුර හලා ඇති බවට දොස් කියමින් තම අයියාට පන්න පන්නා කැත්තකික් කොටා ඇති බවත් පසුව බරපතල ලෙස තුවාල සිදුවි සිටිපුද්ගලයා රත්නපුර රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් ඇතිබව පොලිසිය පවසයි.
සැකකරු වන මල්ලි මන්ද මානසික තත්වයකින් පෙලෙන අයෙක් බවත් කැලයක ගල්ගුහාවක ජිවත්වෙමින් සිටින අතර නිවසටද වරින් වර පැමිණෙන අතර එසේ පැමිණි අවස්ථාවේ නිවසේ වතුර හලා තිබු බවට දොස් කියමින් කැත්තකින් කොටා ඇතිබව පොලිසිය පවසයි
මෙම නිවසේ මව ඇතුළු අනිකුත් තිදෙනාට ජිවත්විම සඳහා උපකාර කරන්නේ මියගිය අය බවද පොලිසිය විසින් සිදුකරන ලද පරික්ෂණයේදි අනාවරනය වු බව පොලිසිය පවසයි.
මෙම ඝාතනයෙන් පසුව කැලේ සැඟවි සිටි සැකකරු 8 වන දින පෙරවරුවේ අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කෙරින.
රත්නපුර වැඩබලන මහේස්ත්‍රාත් මල්කාන්ති වැකුනගොඩ මහත්මිය විසින් ඝාතනය සිදුවු ස්ථානය 8වන දිනපරික්ෂාවට ලක්කර එහිදි මහේස්ත්‍රාත් පරික්ෂණය සිදුකර මරණය සම්බන්ධව අධිකරණ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කෙරින
රත්නපුර ශික්ෂණ මහ රෝහලේදි අද 9 දින පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරිමට නියමිතය.
ඇලපාත පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප.ඒ.ඒ.එස්.පි.කරුණාරත්න අපරාධ අංශයේ ස්ථානාධිපති පො.ප.එම්.කේ.ජගත් රත්නපුර කොට්ඨාශ අපරාධ ස්ථාන පරික්ෂණාගාරයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප.උදය සි මායාදුන්න උ.පො.ප.රත්නසිරි යන මහත්වරුන් විසින් සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරික්ෂණ පැවත්වේ.
රත්නපුර අධිකරණ ඒ.ජි.වික්‍රමසිංහ