මාලිගාවත්ත බෝධිරාජා මාවත නිවසකට අනවසරයෙන් ඇතුළු වීමට ගිය කොස්තාපල්වරයෙකු ගේ සරම ගැලවී යාමත් සමගම නිවැසි කාන්තාවගේ කෑ ගැසීමෙන් එක්රැස්වූ ප්‍රදේශවාසීන්ගේ පහර කෑමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව මාළිගාවත්ත පොලිසිය කියයි.
නිවසක් තුළ තිබී පොලිස් නිලධාරියාගේ අංක දෙකේ නිල ඇඳුම ඇතුළු දේපළ ද පොලිස් භාරයට ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොටුව පොලිසියට අනුයුක්තව කොළඹ මධ්‍යම බුද්ධි ආවේක්ෂණ කොට්ඨාසයේ සේවය කරන කොස්තාපල්වරයෙකි.
පොලිස් නිලධාරියකු බව පවසා නිවසකට ඇතුළු වු පුද්ගලයෙකු අල්ලාගෙන ප්‍රදේශවාසීන් පහර දෙන බවට මාලිගාවත්ත පොලිසියට ලද තොරතුරකට අනුව එම ස්ථානයට ගිය පොලිස් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී තමන් පොලිස් නිලධාරියකු බවත් රාජකාරී ස්ථානයෙන් අනවසරයෙන් බැහැරව බෝධිරාජා මාවත ප්‍රදේශයට පැමිණි බවත් පුද්ගලයින් පිරිසක් තමන්ට කරදර කිරීමට පැමිණි බැවින් එම නිවසට ගොස් සැඟවීමට උත්සාහ ගත් බවත් සැකකරු පැවසී යැයි පොලිසිය කියයි.
අනතුරුව පොලිසිය සිදුකළ වැඩිදුර විමර්ශනවලදී සැකකාර කොස්තාපල්වරයා මාලිගාවත්ත බෝධිරාජා විහාරස්ථානය වෙත පැමිණ විහාරස්ථානය හිමිනමක් හමුවී " මාව බේරා ගන්නා ලෙසත්, මා හට සැඟවීමට ස්ථානයක් ලබා දෙන ලෙසත් පවසා ඇත" හිමි නම එය ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව විහාරස්ථානයට යාබද ගොඩනැගිල්ලක පිහිටි නිවසකට අනවසරයෙන් ඇතුළු අංක දෙක නිල ඇඳුම එම නිවසේ ගලවා නිවසේ තිබූ සරමක් ඇඳ ඊට යාබදව තිබෙන නිවස වෙත ද අනවසරයෙන් ඇතුළු වීමට යාමේදී නිලධාරියාගේ සරම ගැලවී ඇතැයි පොලිසිය කියයි.
එම අවස්ථාවේදී නිවැසි කාන්තාවගේ කෑගැසීම ඇසි ප්‍රදේශයේ වාසීන් පැමිණ පොලිස් කොස්තාපල්වරයාට පහරදී ඇති බව පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත
අත්අඩංගුවට ගත් සැකකරු ජනාධිපති ලේකම් කාර්යාලය අවට රාජකාරී යෙදී සිටියදී අනවසරයෙන් මාලිගාවත්ත බෝධිරාජා පුර ප්‍රදේශයට පැමිණ ඇති බවට අනාවරණය වී යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය
අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල්වරයා යම් මත්ද්‍රව්‍යක් පානය කර ඇත්ද යන්න පරික්ෂා කිරීම සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර ඇති අතර වෛද්‍යවරයා වෙත මුත්‍රා සාම්පල් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් කොළඹ ජාතික උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය