ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා අද (02දා) තැපෑලට භාර දීමට නියමිතව තිබෙන අතර, නිවෙස්වලට නිල ඡන්ද පත්‍රිකා මේ මස 14වන දින දක්වා බෙදා දීමට සැලසුම් කර තිබේ.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා දීමේ විශේෂ දිනයක් ලෙසට මේ මස 08වන දින නම් කර ඇත.
14වන දින වන විට නිල ඡන්ද පත්‍රිකා නොලැබුණු ඡන්දදායකයන්ට මෙවර ඡන්ද නාමලේඛනයේ ලියාපදිංචි ලිපිනය පිහිටි ප්‍රදේශයේ තැපැල් කාර්යාලය වෙත ගොස් ස්වකීය අනන්‍යතාවය ප්‍රකාශ කර නිල ඡන්ද පත්‍රිකා ලබා ගැනීමට හැකි බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
මීට අමතරව දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාලවල හා පොලීසිය යන ආයතනවල තැපැල් ඡන්දය සලකුණු කිරීම මේ මස 04වන දින සිදුකෙරේ.
රාජ්‍ය ආයතන හා හමුදාවන්හි තැපැල් ඡන්දය සලකුණු කිරීම මේ මස 5 හා 6 යන දිනවල සිදුකිරීමට නියමිතව තිබේ.