කන්දකාඩු කඳවුරේ සිටියදි කොරෝනා ආසාධිත බවට හදුනාගත් හමුදා නිලධාරි උපදේශක සුසිල් කුමාර දුනුකාර මහතාගේ තලවතුරේ පිහිටි නිවස සොරුන් විසින් කඩා බදි දමා ඇති බව දවුලගල පොලිසිය පවසයි.
සොරුන් විසින් නිවසේ තිබු රූපවාහිනි යන්ත්‍රයක්,අමිපිලෆයර් එකක් සහ ඩී වී ඩී යන්ත්‍රයක් සොරා ගොස් ඇති බවත් සොරුන් විසින් කාමරයේ .තිබු අල්මාරියද අවුස්සා ඇති බවද දැන ගත් සොහොයුරෙකු මේ බව නිරෝධායනය වෙමින් සිටි හමුදා නිලධාරියට පවසා මේ සම්බන්ධව දවුලගල පොලීසියට පැමිණිලි කර ඇත.
ඊයේ (18) දින නිවස වසා දමා ඇති හෙයින් නිවස තුළ ඇති විසුතුරු මසුන්ට ආහාර දමන ලෙස නිරෝධායන මධ්‍යස්ථානයේ සිට දුරකථන ඇමතුමක බිරිදගේ සහෝදරයකට ලබා දි ඇති අතර සහෝදරයා අද නිවස දෙසට යන විට පිටිපස දොර කඩා විවෘත කර ඇති අතර ජනේලයද කඩා කාමරයේ අල්මාරියද අවුස්සා ඇති බව පොලිසියට පවසා ඇත.
මේ වන විට සොරකම් කර භාණ්ඩ පිළිබදව නිවරදි තොරතුරක් ලැබි නැති බවත් නිවසින් නිරෝධායනය සඳහා පිටත් වන විට නිවසට ආරක්ෂාව සපයන ලෙස තමන් පොලීසියෙන් ඉල්ලා සිට බවද සුසිල් කුමාර දුනුකාර මහතා පැවැසිය.
ජුනි මස 19 වෙනි දින නිවාඩු ලබා තලවතුරේ පිහිටි නිවස වෙත පැමින ඇති මෙම නිලධාරියා 11 වෙනි දින කොරෝනා ආසාධනය වි ඇති බව පරික්ෂණ මගින් තහවුරු වි ඇති බවත් ඉන් පසු බිරිද හා දරුවන් දෙදෙනා හා මවද කොරෝනා ආසාදනය වි නැතත් සෞඛ්‍ය අංශ මගින් නිරෝධායනය සඳහා යොමු කර ඇත.
මේ සම්බන්ධව දවුලගල පොලීසිය හා විමර්ශනය සදහා විශේෂ පොලිස් කංඩායම් 3 ක් හා බුද්ධි අංශ නිලධාරින් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව පොලිස් අධිකාරි සමන් අංගම්මන මහතා පැවැසිය.