දැනට ප්‍රංශයේ අභිරූපණ කලාව හදාරන ක්‍රිෂාන්ත ජයබාහුට ලංකාවට ආපු ගමන් සිද්ධවුණේ මඩකලපුවේ පිහිටි ෂරියා විශ්වවිද්‍යාලයීය නිරෝධායන වෙන්න. ඒත් ඒ කාලය අපතේ නොයැවූ ඔහු, ඒ අතරතුර අපූරු වීඩියෝවක් සමාජගත කළා. නිරෝධායනයෙදි දවස් දාහතරක් ඉන්න එකේ වැදගත්කම ගැන ඉදිරිපත් කළ මේ වීඩියෝව මේ වෙද්දි කාගෙත් කතාබහට ලක්වෙලා තියෙනවා.
කොහොම වුණත් ඔහුට ලංකාවට එන්න වුණේ කොරෝනා හිස ඔසවමින් සිටි අවස්ථාවක. ඒ ප්‍රංශයේ ඉඳන්. ශිෂ්‍යත්වයක් අරන් අභිරූපණ කලාව ගැන වැඩිදුර හදාරන්න ප්‍රංශයට ගිය ඔහු ඊට පෙර කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රීපාලි මණ්ඩපයෙන් නාට්‍ය හා රංග කලා උපාධියක් සම්පූර්ණ කර ගත් නළුවෙක්. පේරාදෙණියෙ ලලිත කලා අධ්‍යයනාංශයේ පශ්චාත් උපාධිය හැදෑරූ සම්මානනීය කෙටි නාට්‍යකරුවෙක්.
ඒ අනුව සති දෙකකට කලින් පැරීසියෙන් පිටත් වුණු ක්‍රිෂාන්ත හෙට(30දා) නිරෝධායන දවස් 14 ඉවර කරල ගෙදර යනව.
වීඩියෝව පහතින්-
https://www.youtube.com/watch?v=7o86fpMm3w0
-මාලන් විදානපතිරණ