පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා විසින් වැසිකිළියක් විවෘත කළ බවට පළකර ඇති වාර්තා අසත්‍ය බව අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
මේ සම්බන්ධයෙන් පළ වන ඡායාරූප හා තොරතුරු මීට වසර 5කට පමණ පෙර පොලොන්නරුව ප්‍ර දේශයේදී ටී.බී. සරත් මහතා අමාත්‍ය ධුරය දැරීට පෙර ප්‍ර දේශයේ ක්‍රියාකාරී තරුණයන් සමග එකතුව සිදුකරන ලද සමාජ සේවාවක් ලෙස අසරණ පවුලකට වැසිකිළියක් සාදා දෙන ලද බවත් ඒ සඳහා කිසිඳු උත්සවයක් හෝ පවත්වා නොමැති අතර එය ඉතිහාසයේ සිදු කළ සමාජ සුභසාධන ක්‍රියාවක් බව එම නිවේදනයේ සඳහන් වෙයි.