නියඟය හේතුවෙන් පීඩාවට පත්ව ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට කඩිනම් සහන සලසන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දෙයි.
මේ දිනවල බලපා ඇති නියඟය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06 ක පවුල් 10, 642 ක් පීඩාවට පත්ව තිබේ.
දිස්ත්‍රික් ලේකම් කාර්යාල සංඛ්‍යා ලේඛන අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 13න් 06ක ග්‍රාම සේවා වසම් 112කට මෙම නියං තත්ත්වය බරපතල ලෙස බලපා තිබේ. එහි පවුල් 10,642 ක පුද්ගලයන් 38,829ක් පීඩාවට පත්ව ඇතැයි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.
මින් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේයි. ග්‍රාම නිලධාරි වසම් 54ක පවුල් 4,384කට අයත් පුද්ගලයන් 14,346ක් නියඟය නිසා දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පීඩාවට පත්ව සිටිති. පීඩාවට පත්ව ඇති ජනතාව සදහා පානීය ජලය ලබා දීම සදහා 4649,650.00 ක මුදලක් වෙන් කර ඇත.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දී ඇත්තේ කෝවිඩ් 19 වසංගතය පාලනය කිරීම සදහා ගෙන ඇති පියවර වලට සමගාමීව දිස්ත්‍රික්කයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමට පියවර ගත් සේම මේ වන විට ඇතැම් ප්‍රදේශ වල ජනතාව මුහුණ පා ඇති ජල හිඟයටද කඩිනමින් විසදුම් ලබා දිය යුතු බවයි.
