පොලිසියෙන් ආයුධ හොයන්න ආ බව කියා දෙදෙනාගෙම අත්බැඳ ඇඳේ වාඩි කරලා
ඔහුන් පැළඳ සිටි රන් ආභරණ කොල්ලකරුවෝම ගලවා ගනිති
පැය දෙකක පමණ කාලයක් නිවස තුළ රැඳී ඉඳලා.
ග්‍රාම නිලධාරීවරයාගේ යතුරුපැදියෙන්ම කොල්ලකරුවෝ පලායයි
බුලත්සිංහල අමරගෙදර ග්‍රාම නිලධාරී වසම භාර ග්‍රාම නිලධාරීවරයාගේ ගෝවින්න පහළ නාරාගල නිවසට මධ්‍යම රාත්රියේදී ඇතුළු වූ නාදුනන පුද්ගලයන් දෙදෙනෙක් ග්‍රාම නිලධාරීවරයා සහ ඔහුගේ බිරිඳ නිදා සිටි ඇඳ අසලටම ගොස් පොලිසියෙන් කියා අවදිකර තියුණු ආයුධයක් පෙන්වා ඔවුන් දෙදෙනා බැද දමා රුපියල් ලක්ෂ 21කට අධික වටිනා රන් භාණ්ඩ සහ මුදල් මෙන්ම යතුරුපැදිය ද කොල්ලකා පලා ගොස් ඇතැයි බුලත්සිංහල පොලිසිය කියයි
කොල්ලකෑ දේපළ අතර එම යුවළ පැළඳ සිටි පවුම් 5 1/2.ක් බරක් රන්මාලයක් , පෙන්ඩනයක් , සුරයක් මෙන්ම මුදු දෙකක් හා රුපියල් 7200/=ක් මෙන්ම රුපියල් 70000/=ක් පමණ වටිනා යතුරුපැදිය ද කොල්ලකා රැගෙන ගොස් තිබිණි
එම යතුරුපැදිය වාද්දුව පොලිස් වසමේ දමා ගොස් තිබිණි. ග්‍රාම නිලධාරීවරයා බිරිඳ සහ මව සමග එම නිවසේ පදිංචිව සිටින බවත් ඉකුත් 08 වෙනි දින රාත්‍රී වැඩ අවසන් කර 10 ට පමණක් නිදාගෙන සිටියදී ඇඳ ළඟට පුද්ගලයින් දෙදෙනකු පැමිණ " අපි පොලිසියෙන් ආයුධ හොයන්න ආවේ" කියා තමාගේ හා බිරිඳගේ අත් දෙක නිදා සිටි ඇඳේ බෙට් ශීට් එක ඉරා බැඳ ඇඳේ වාඩිවෙන්න කියූ බවත් එලෙස පැමිණි එක් පුද්ගලයෙකු අත මන්නයක් දරාගෙන සිටි බවත් ඔවුන් කළ පැමිණිල්ලේ සඳහන්ය.
අනෙක් පුද්ගලයා අත් දෙකට අත්වැසුම් දමා සිටි බවත් රත්තරන් බඩු හා සල්ලි ඉල්ලූ බවත් පසුව බිරිඳගේ කරේ තිබූ රන් මාලය අතේ තිබූ මුදුවද තබාගේ අතේ තිබූ වෙඩින් මුදුවද ඔවුන් විසින් ගලවා ගත් බව ග්‍රාම නිලධාරීවරයා කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්ය.
අළුයම දෙකට පමණ නිවසට ඇතුළු වූ කොල්ලකරුවන් දෙදෙනා පැය දෙකකට ආසන්න කාලයක් නිවස තුළ රැඳී සිට තවත් වටිනා දේපළ සොයමින් නිවසේ බඩු බාහිරාදිය ඇද දමා පොලිසිය කියයි.
නිවසට පැමිණිලි කොල්ලකරුවන් මුළුතැන්ගෙයි යකඩ රාමුව නොමැති ජනේලයෙන් ඇතුළු වී ඇති බව පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
බුලත්සිංහල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අයි එන් එස් කස්තුරි ආරච්චි මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ.