ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලය විසින් ඊයේ(08දා) ගත් තීන්දු පිළිබඳව මැතිවරණ කොමිසමට සියලුම වාර්තා ලබාදුන් බව එම පක්ෂයේ ජාතික සංවිධායක දුම්න්ද දිසානායක මහතා සඳහන් කළේය.
පක්ෂයේ කටයුතු සිදුකිරීමට සභාපතිවරයෙකු නොමැති වීම නිසා වැඩබලන සභාපති ලෙස පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා පත් කර ගත් බවත්, මේ අනුව පක්ෂය ශක්තිමත් කිරීමේ කටයුතු අලුත් අවුරුදු සමයෙන් පසු ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ලබාදුන් වාර්තා පිළිබඳව සාකච්ඡා කිරීමට මේ මස 18 වැනිදා මැතිවරණ කොමිෂන් සභාව රැස් වීමට නියමිතය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (8දා) කොළඹ පදනම් ආයතනයේ දී දේශපාලන මණෟඩලය රැස් විය.