පෙබරවාරි 04වන දිනට යෙදෙන 77වන නිදහස් දිනය වෙනුවෙන් පෙරහුරු කටයුතු අද (29දා) සිට ආරම්භ කරන බව පොලීසිය සඳහන් කරයි.
‘ජාතික පුනරුදයට පෙළගැසුමු’ යන තේමාව යටතේ මෙවර නිදහස් දිනය සැමරුම් උත්සවය ලබන 04 දින කොළඹ නිදහස් චතුරස්රයේදී පැවැත්වීමට රජය තීරණය කර තිබේ.
මෙම පෙළිපාළිය යුද, ගුවන්, නාවික, හමුදා හා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය මෙන්ම, සිවිල් ආරක්ෂක බළකා නිලධාරීන්ගෙන් සමන්විතව පැවැත්වීමට නියමිතය.
ඒ අනුව මෙහි පෙරහුරු කටයුතු අද දිනයේ සිට ලබන 02වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බවද මාර්ග ආරක්ෂාව සහ රථවාහන දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පැවසීය.
නිදහස් චත්‍රරස්‍රය අවට තිබෙන පාසල්වල දරුවන්ට පාසල් පැමිණිමට අවශ්‍ය පහසුකම් සලසා දෙමින් මෙම පෙරහුරු කටයුතු සිදුකරන බවද සදහන් කලේය
අද දිනයේ සිට ලබන 02 වන දින දක්වා පෙරහුරු පැවැත්වෙන කාලසීමාව තුළ කුරුඳුවත්ත පොලිස් වසමේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද පැවසීය.
විශේෂ රථවාහන සැලසුම් ක්‍රියාත්මක වන කාලය තුළදි ප්‍ර දේශයේ පදිංචි ජනතාවට අපහසුතාවයන් ඇති නොවන ආකාරයට අවශ්‍ය කටයුතු සලසා දී තිබෙන බවද ස ඳහන් කළේවය.
පෙරහුරු කටයුතු උදේ 8.00 පසු ආරම්භ කරන බවත් එයට හේතුවි තිබෙන්නේ පෙරහුරු පැවැත්වෙන ප්‍ර දේශවල පිහිටි පාසල් 13 ක දරුවන්ට නිසි ලෙස පාසල්වලට පැමිණිමට පහසුකමී සලසා දමට බවද පැවසිය