රස්නායකපුර පොලිස් වසමේ නම්මුවාව ප්‍රදේශයේදී ව්‍යාපාරික ස්ථානයක් තුල වෙඩි තැබීමකින් 19 දා අලුයම එහි ව්‍යාපාරිකයා මරණයට පත්ව ඇති බව පොලීසිය පවසයි .
වෙඩි තැබීමෙන් මෙසේ මරණයට පත්ව ඇත්තේ රස්නායකපුර නම්මුවාව ලිපිනයේ පදිංචි ඒ.ජේ.ඉම්ෂා න්අහමඩ් නැමති විසිහතර වියැති විවාහකයෙකු බවද පොලීසිය සඳහන් කරයි .
මරණකරු වන ව්‍යාපාරිකයා නිවසේ සිට මද දුරකින් පිහිටි තම ව්‍යාපාරික ස්ථානය විවෘත කිරීම සඳහා අලුයම පැමිණ ඇති බවටත් , අලුයම 5.45 ට පමණ මරණකරුගේ ඥාතියෙකු ව්‍යාපාරික ස්ථානයට ගිය අවස්ථාවේ ,ව්‍යාපාරික ස්ථානය තුල ව්යාපාරිකයාා වෙඩි වැදී වැටී සිටින අයුරු දැක ඇති බවද පොලීසිය සඳහන් කරයි .
මරණකරු ගේ පපුව ප්‍රදේශයට වෙඩි වැදීම සිදුව ඇති බවත් ,වෙඩි තැබීම සිදු කලේ කවුද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇති බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කලේය .
නිකවැරටිය කොට්ඨාශ බාර පොලිස් අධිකාරි වසන්ත ජයමිණ කුමාර මහතාගේ උපදෙස් අනුව සහකාර පොලිස් අධිකාරි ජයන්ත ගුණවර්ධන මහතාගේ අධීක්ෂණයෙන් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ සිදු කරයි
නිකවැරටිය කොට්ඨාශ සොකෝ අංශ නිලධාරීන් කණ්ඩායමක්දද සිද්ධිය පිළිබඳව පරීක්ෂණ සිදු කරයි.
නිකවැරටිය ප්‍රියාණි මංගලිකා