සීමා සහිත ශ්‍රී ලංකා නැව් සංස්ථාව විසින් විධිමත් අනුමැතියකින් තොරව එහි සේවකයන් සඳහා 2022 වසරේ මාර්තු 01 වන දා සිට දෙසැම්බර් 31 දක්වා සංග්‍රහ දීමනාව, ප්‍රවාහන දීමනාව හා පැමිණීමේ දිරි දීමනා වශයෙන් රුපියල් එක්කෝටි පනස් දෙලක්ෂ නව දහස් හයසිය හැත්තෑ තුනක (15209673) මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් ඉකුත් 24 දින නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ. නැව් සංස්ථාව සම්පූර්ණයෙන්ම රජය සතු ආයතනයක් වන අතර රාජ්‍ය ව්‍යාපාර චක්‍ර ලේඛනවලට අනුගතව කටයුතු කළ යුතු බැවින් අදාළ දීමනා සඳහා විධිමත් අනුමැතියක් ලබා ගත යුතු අතර විගණන වාර්තාව මගින් එය නිර්දේශ කොට ඇත.
මේ පිළිබඳව නැව් සංස්ථාවේ කළමනාකාරිත්වය විසින් විගණන කාර්යාලයට දැනුම් දී ඇත්තේ දැනට ගෙවනු ලබන දීමනා අධ්යක්ෂ මණ්ඩලයේ අනුමැතිය යටතේ චක්‍රලේඛන 2018 අප්‍රේල් 01 වන දින සිට මේ දක්වා ගෙවීම් කටයුතු කරගෙන යන බව ය. ආයතනයේ සේවක මණ්ඩල කාර්ය පටිපාටිය අංක 5-02 යටතේ 2018-02-27 දින පැවති 231 වැනි අධ්යක්ෂ මණ්ඩල රැස්වීමේ දී මේ සඳහා අනුමැතිය ලබා ගෙන ඇති බැව් සංස්ථාවේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කර ඇත. ශ්‍රී ලංකා නැව් සංස්ථාව සම්බන්ධයෙන් 2023 වර්ෂයට අදාළව මෙම විගණන වාර්තාව නිකුත් කර තිබුණි.
චන්දන සමරවික්‍රම