වැඩ තහනම්ව සිට හෝ සේවය අතහැර ගොස් සිට හෝ වෙනත් හේතුවක් මත සක්‍රිය සේවයේ නොසිට නැවත සේවයේ පිහිටුවිමට/නැවත සක්‍රීය සේවයට එක්විමට නියමිත නිලධරයන් නැවත සේවයේ පිහිටුවිමට/නැවත සක්‍රිය සේවයට එක් කිරිමට පෙර පොලිස් රෝහලේදි මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් අණාවරණය කර ගැනිමට අදාළ පරීක්ෂණයකට පෙනි සිටි යුතු බවට වැඩබලන පොලිස්පතිවරයා විසින් දිවයිනේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී ඇත.
කිසියම් නිලධරයෙක් මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට වෛද්‍ය වාර්තාවෙන් අණාවරණය වන්නේ නම් එම නිලධාරියා වෙත නැවත සේවය පිහිටුවිමට හෝ නැවත සක්‍රීය සේවයට එක්වීමට අවස්ථාව ලබා නොදෙන බව වැඩබලන පොලිස්පතිවරයා විසින් වැඩිදුරටත් දන්වා ඇත.