කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු විශේෂ ව්‍යාපෘතියක් ලෙස ඉතා කඩිනමින් අවසන් කිරීමට අමාත්‍ය විජිත හේරත් මහතා උපදෙස් දී තිබේ.
දැනට පවතින තත්ත්වය අනුව මෙහි ඉදිකිරීම් 2026 නොවැම්බර් 15 දා තෙක් දිග් ගැස්සී ඇති අතර එහි ඉදිකිරීම් කඩිනම් කර 2025 ුුනි 30 දා වන විට අවසන් කිරීමට අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.
මෙහිදී නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු සඳහා විශේෂ බදු සහනයක් ලබාදී ඇති අතර එම ඉදිකිරීම් සඳහා අවහ්‍ය උපකරණ ගෙන්වීමට වැය වන ඇමෙරිකානු ඩොලර් මිලියන 750ට මුදලින් සියයට 20කට ආසන්න බදු කපා හැරීමක් සිදුකර තිබේ.