නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නාවික පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නිෂ්පාදනය කරන ලද තවත් විෂබීජහරණ කුටියක් අද (10) කොළඹ ජාතික රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකය වෙත ලබා දීම සිදු කරන ලදි.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරනු ලබන නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නාවික පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නිෂ්පාදනය කරන ලද විෂබීජ හරණය සිදු කල හැකි කුටියක් කොළඹ ජාතික රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකය වෙත ලබා දීම අද (10) වන දින සිදු කරන ලදි.
එම රෝහලෙහි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරාල් තුමන් විසින් නාවික හමුදාධිපතිගෙන් සිදු කල ඉල්ලීමකට අනුව මෙම විෂබීජහරණ කුටිය ලබා දීමට කටයුතු කරන ලද අතර විශේෂයෙන් දෛනිකව ප්‍රතිකාර ලබා ගැනීම සදහා මහජනතාව විශාල ප්‍රමාණයක් මෙම රෝහල වෙත පැමිණෙන බැවින් එම මහජනතාවගේ සහ රෝහල් කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව උදෙසා මෙම විෂබීජහරණ කුටි ස්ථාපිත කිරීමට කටයුතු කරන ලදි.
තවද, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නිෂ්පාදනය කරන ලද මෙවැනි විෂබීජහරණ කුටි මේ වන විට රෝහල් කිහිපයක් වෙත ලබා දීමට කටයුතු කර ඇති අතර, කොරෝනා වෛරසය ආසාදිතයින්ට ප්‍රතිකාර ලබා දිය හැකි දුරස්ථ පාලකයකින් ක්‍රියා කරනු ලබන මෙඩි මේට් (Medimate) නම් ස්වයංක්‍රීය උපකරණයක්ද නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙත ලබා දීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.