මාතලේ මහවෙල මිල්ලවාන ප්‍රදේශයේ ඇතිවූ ඉඩම් ආරවුලක් දුරදිග යෑමෙන් ඇති වූ ගැටුමකින් නිවාඩු ලබා පැමිණ සිටි නාවික හමුදා සෙබලෙකු අද(17)දින මරණයට පත්ව ඇති බව මහවෙල පොලිසිය පවසයි.
අදාල සිද්ධියට අදාළ ගැටුමේදී මරණයට පත්ව ඇත්තේ මිල්ලවාන පහළ ගම ප්‍රදේශයේ පදිංචි ඉන්දික ප්‍රසාද් බණ්ඩාර නැමති වයස අවුරුදු 45 ක් පමණ වන ශ්‍රී ලංකා නාවික හමුදාවේ පලවි කඳවුරේ සේවයේ නියුතුව සිට නිවාඩු ලබා පැමිණ සිටි සෙබළෙකු වන අතර එම සිද්ධියට අදාළ සැකකරු මහවෙල පොලිසිය වෙත පැමිණ භාර වී ඇති බව පොලිසිය කියයි.
අදාළ සිද්ධියෙන් මරණයට පත්ව ඇති නාවික හමුදා සෙබලා තම නිවසට අයත් ඉඩ මෙහි වැට සකස් කිරීම සිදුකරමින් සිටින අවස්ථාවේදී එම ඉඩමට යාබද ඉඩමෙහි අයිතිකරු සමග ඇතිවූ බහින් බස්වීමක් දුර දිග යාමෙන් ඇතිව ඇති ගැටුමේදී නාවික හමුදා සෙබළාගේ නිවසට යාබද නිවසේ පුද්ගලයා විසින් කැත්තකින් මූහුන සහ බෙල්ල ප්‍රදේශයට සිදුකරන ලද පහරදීමකින් මෙම මරණය සිදුවන්නට ඇති බවට පොලිසිය සැක කරනු ලබයි.
සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු මහවෙල පොලිසිය විසින් සිදු කරනු ලබන අතර සිද්ධියට අදාළ සැකකරු හා නඩු භාණ්ඩ මාතලේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මාතලේ රවින්ද්‍ර විරාජ් අබයසිරි