මාවනැල්ලේ සිට හෙම්මාතගම නගරය හරහා ගම්පොළ දක්වා දිවෙන මංතීරු දෙකේ මාර්ගයේ හෙම්මාතගම ගම්පොළ අතර පිහිටා ඇති තුනේ කණුව ප්රදේශයේ විශාල නායයාමක් සිදුවී ඇත.
ඒ නිසා ප්රධාන මාර්ගයේ වාහන ගමනාගමනය අඩාල වී ඇති බවත්, එම මාර්ගය සම්පූර්ණයෙන්ම වසා ඇති බවත්, හෙම්මාතගම පොලිසිය පවසයි.
මෙම නායයාම අද උදෑසන 8.ත්, 9 .ත් අතර කාළයේදී සිදුවී ඇත. දෛනිකව රථවාහන විශාල ප්රමාණයක් මෙම මාර්ගය භාවිතා කරන අතර රජයේ නිවාඩු දිනයක් වන අද දිනයේ මෙම මාර්ගයේ පස්කඳු කඩාවැටීම නිසා වාහන විශාල ප්රමාණයක් හරයා යැවීමට පොලිසිය කටයුතු කර තිබිණ.
මාවනැල්ල සිට ගම්පොළ නාවලපිටිය හා නුවරඒළිය වැනි ප්රදේශවලට කෙටි ගමන්මාර්ගයක් ලෙස මෙම මාර්ගය භාවිතා කරන අතර මෙම මාර්ගයේ පීහිටි අම්බුළුවාවව වැනි ස්ථාන නැරඹීමට විශාල පිරිසක් මෙම මාර්ගය භාවිතා කරයි.
සුළුවැසි තත්වයකදී පවා නාය යාම හා අවධානමක් සහිත මෙම මාර්ගය පිළිබඳ බළධාරීන්ගේ අවධානය යොමු කර මාර්ගය ආරක්ෂිත ලෙස සංවර්ධනය කර දෙන මෙන් ප්රදේශවාසීන් වගකිවයුතු අංශ වලින් ඉල්ලා සිටියි.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_775ab8f8db.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_d76fb6c05c.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_75b57ead6c.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_87f6a581b7.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_45fd93b794.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_b9daad93e4.jpg)
ඡායාරූප - මාවනැල්ල සමන් විජය බණ්ඩාර