හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායකත්වයෙන් සහ පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.
පක්ෂ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතාට ලිපියක් යොමු කරමින් හෙතෙම මේ බව දැනුම් දී ඇත.
වර්තමාන දේශපාලන තත්ත්වය තුළ සාකච්ඡා කළ පරිදි ඉලක්කයන් වෙත ගමන් කිරීම සඳහා කරන ලද සැලසුම් වලට වාසුදේව නානායක්කාර මහතාගේ සමකාලීන ඇතැම් පක්ෂ සාමාජිකයන් අකමැත්ත දැක්වීම සහ පසුගාමී බව මෙම තීරණය ගැනීමට හේතු සාධක වූ බව අදාළ ලිපියේ සඳහන් කර ඇත.
එමෙන්ම ජනාධිපතිවරණය සඳහා ඇති කරගත් එකඟතාව පසුව වෙනස් වීම තමා දැඩි කැළඹීමට පත්වූ බවත්, පක්ෂය විසින් අවසන් තීන්දුවක් ගෙන තිබියදී භාහිර පුද්ගලයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධව සාකච්ඡා හෝ කිරීම නොකළ යුතු බවත් එහි සඳහන් කර තිබේ.
ඒ අනුව පක්ෂ සාමාජිකත්වයෙන් සහ තනතුරැ වලින් බැහැරව සිටීමට තීරණය කළ බව නිරෝෂන් ප්‍රේමරත්න මහතා අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
ඒ මහතා මාසයක් පමණ මෙලෙස නායකත්වයේ කටයුතු කර තිබේ.