පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (07දා) ප්‍රකාශයක් ලබාදිම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.මෙහිදි අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ, අද වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇති බවය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප හිමිවූ ඩේසි ෆොරස්ට් නැමති තම මිත්තණිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අද දින කැඳවා තිබූ බව නාමල් රාජපක්ෂ මහතා පැවසීය.