දේශීය වෙළෙඳපොළේ පවතින නාඩු සහල් ප්‍රමාණය සැලකිල්ලට ගෙන, නාඩු සහල් මෙට්ට්‍රික් ටොන් 70,000ක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
අද(26) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට්ත තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
දේශීය වෙළෙඳපොළ අවශ්‍යතාව අනුව සතොස සහ සමූපකාර හරහා ක්‍රමානුකූලව මෙම සහල් තොග වෙළෙඳපොලට නිකුත් කරන බවද අමාත්‍යවරයා පැවසීය.
ඉහළ යන සහල් මිල පාලනය කිරීම සඳහා දේශීය ගොවියාට හානියක් නොවන ආකාරයට මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම සහල් ආනයන කිරිම ජාත්‍යන්තර ලංසු කැඳවීමක් අනුව සිදුකරන බවද අමාත්‍යවරයා පැවැසීය.