කුමන තත්වයක් යටතේ වුවද මෙම වසර පුරා නාඩු සහල් කිලොවක් රුපියල් 105ට අඩුවෙනුත් ,සුපිරි සම්බා සහල් කිලොවක් රුපියල් 130ට අඩුවෙනුත් පවත්වාගෙන යන බවට සහතික වන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. වෙළඳ අමාත්‍යංශයේදී අද (11දා) පැවති මාධ්‍ය හමුුවේදී ඇමතිවරයා මේ බව සඳහන්කළේය.මෙම මිල ගණන් යටතේ සතොස හා සමූපකාර ,Q-SHOP ඇතුළු රාජ්‍ය අලෙවි ජාලය මගින් පාරිභොගිකයින්ට මිලදී ගත හැකි බව ඇමතිවරයා පැවසීය.