ග්රෑන්ඩ්පාස්, නාගලගම්වීදිය ප්රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු කළ වෙඩි තැබිමකින් පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලැබිමේ සිදුවිම සම්බන්ධයෙන් සැකපිට 24 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙම අපරාධයට අධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවෙකු 2025.03.18 වන දින රාජගිරිය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත්තේය.
එම සැකකරුගේ බිරිඳ මෙම අපරාධයට අධාර අනුබල දීම සම්බන්ධයෙන් මෙලෙස ඊයේ (20) ග්රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය වයස අවුරුදු 24ක් වන කොටුවිල, වැල්ලම්පිටිය ප්රදේශයේ පදිංචිකාරියකි.