2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග නොකිරීමට හා දේශපාලන කටයුතුවලින් සමු ගැනීමට තීරණය කළ බව සබරගමු පළාතේ හිටපු ආණ්ඩුකාර, එක්සත් ජාතික පක්ෂයේ කෑගලු දිස්ත්‍රික් නායක නවීන් දිසානායක මහතා සඳහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ ගෑස් සිලින්ඩර ලකුණින් තරග කිරීමෙන් එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන්ට අසාධාරණයක් සිදුවන බවයි.
තමන් ඉදිරියටත් දක්ෂිණාංශික මධ්‍යස්ථ කේන්ද්‍රීය ප්රතිපත්තිවල අයිතිය වෙනුවෙන් පෙනී සිටින නමුත් , දූෂණයට හෝ දූෂිත පුද්ගලයන්ට සම්බන්ධ නොවී ගාමිණී දිසානායක පදනමේ, ශ්‍රී ලංකා ක්‍රිකට් පදනමේ සහ මහවැලි සංස්කෘතික භාරයේ සභාපති ලෙස තවදුරටත් සේවය කරමින් ශ්‍රී ලාංකේය ජනතාවට තම සමාජයීය වගකීම ඉටු කරමින් සහ අයුක්තිය අසාධාරණය,දුෂණයට එරෙහිව නිර්භයව පෙනීසිටිමින් නීතිඥයෙකු ලෙසද, ජනතා සේවකයෙකු ලෙසද මෙරටට තම උපරිම ශක්ති ප්‍රමාණයෙන් සේවය කරන බව ඔහු සඳහන් කරයි.