වර්ෂාව සම්බන්ධයෙන් නිවැරදිම පුරෝකතන ලබා දීමට ඉතා නවීන රේඩාර් පද්ධති තිබුණානම් පසුගිය දිනවලදි මිලි මීටර් 400 ක් තරම් වර්ෂාවක් ඇද වැටෙන බව ප්‍රකාශ කරන්නට ඉඩ තිබූනු බවත් තමන් දන්නා තරමින් නවීන රේඩාර් පද්ධති මෙරට නොමැති බවත් භූ ගර්භ විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි. අද මහනුවරදි පැවති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව පැවැසීය.
කෙසේ වෙතත් දැනට පවතින උපකරණ අනුව බොහෝ දුරට නිවැරදි පුරෝකතන ලබා දීමට නිලධාරීන් සමත්ව තිබෙන බවත් මෙතරම් විශාල වර්ෂාවක් මීට කලින් ලැබි නොතිබුණ බවත් ඔහු පැවැසීය.
කලින් විශාල වර්ෂාපතන ඇති වි තිබුනත් වර්ෂාපතනය මනින නිවැරදි උපකරණ ඒ සමයේ තිබුණා ද කියන ප්රශ්නය තිබෙන බවද මහාචාර්යවරයා සෙඳහන් කෙල්ය.
“වර්ෂාපතනය ගැන පුරෝකතන කිරීමට දත්ත ලබා ගත යුතුයි ඒ සඳහා අති නවීන රේඩාර් පද්ධති අප සතු විය යුතුයි. ඒවාහි අඩුවක් තිබෙනවා. මිලි මීටර් 400 ක් යනු විශාල වර්ෂාපතනයක්. වර්ග මීටරයකට ලැබෙන ජල ප්‍රමාණය සැලකීමේ දී මෙවන් වර්ශාවක් ජලාශ ආශ්රිත ප්‍රදේශ වලට ලැබුණා නම් සියලුම ජලාශ උතුරා යන්නට තිබුණා. නිරිත දිග කලාපයේ ඇහලියගොඩ බෑවුම් ඔස්සේ මේ ජලය කළු ගඟට ගලා ගිය නිසා ගංවතුර ඇති වීම පුදුම වන්නට දෙයක් නොවෙයි.
ඉහළ වලාකුළු වළ ස්වභාවය නොයෙකුත් ආකාරයට ලබා ගැනීමට හැකි උපකරණ තිබෙනවා. දැනට අසා තිබෙන ආකාරයකට තොරතුරු රැසක් ඒකාරාශි කර විශ්ලේෂණය කිරීම මගින් පුරෝකතන කරනවා. නවීන උපකරණ තිබෙන විට මේ ක්‍රියාවලිය වඩා පහසු වෙනවා.
ඉහළ වර්ෂාවක් ලැබෙන බව දැන සිටියත් මිලි මීටර් 400 ක් පමණ වර්ෂාවක් ලැබෙන බවට නිවේදන නිකුත් කිරීමට නොහැකි වූයේ නවීන උපකරණ වල පැවැති අඩුපාඩුව නිසා”