කොළඹ ජාතික රෝහලේ සේවය කරමින් සිට නිවාඩු ලැබ බණ්ඩාරවල නිවසට පැමිණ සිටියදී හදිසියේ රෝගී වූ නවක හෙද නිලධාරීනියක් ඊයේ (26දා) රාත්රී ජීවිතක්ෂයට පත්වී ඇතැයි බණ්ඩාරවෙල මූලස්ථාන පොලිසිය පැවසීය.
මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ බණ්ඩාරවෙල මකුල්ලැල්ල පදිංචිව සිටි සඳුනි සුලෝචනා නමැති විසි හතර හැවිරිදි නවක පත්වීන් ලාභී හෙදියක බවද පොලිසිය කියයි.
කොළඹ ජාතික රෝහලේ හදවත් රෝග අංශයේ දැඩිසත්කාර ඒකකයේ මීට මසකට පමණ පෙර නවක පත්තීන් ලැබූ හෙද නිලධාරිනියක් මෙසේ ජීවිතක්ෂයට පත් වූවාය.
ඇය ඉකුත් විසි පහ දින නිවාඩු ලබා බණ්ඩාරවෙල මකුල්ඇල්ල නිවසට පැමිණ සිටියදී හදිසියේ රෝගී වී බණ්ඩාරවෙල දිසාරෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විට ජීවිතක්ෂයට පත්වී ඇති බවද පොලිසිය පැවසීය.
දේහය බණ්ඩාරවල දිසාරෝහලේ තැන්පත් කර ඇති අතර එහිදී පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.
බණ්ඩාරවෙල මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.