පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ තුළ ක්‍රියාත්මක වන කුරිරු නවක වදය හේතුවෙන් 2000 වසරේසිට මේ දක්වා සිසුන් 169 දෙනෙකු විශ්වවිද්‍යාලය අතහැර ගොස් ඇති බවකලා පීඨයේ පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක මහතා පවසයි.
ඒ මහතා ඒ බව අවධාරණය කර සිටියේ කලා පීඨයේසිසුන් දෙපිරිසක් අතර ඇති වූගැටුමෙන් පසු පීඨයේ අධ්‍යයන කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් කළ විමසීමකදීය .එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේ කරුණු අනාවරණය කළේය .
“මේ නවක වදය නිසා වසරකට සිසුන් 15-16 ත් අතර පිරිසක් විශ්වවිද්‍යාලය අතහැර යනවා. මේ තත්ත්වය එම සිසුන්ටත් ඔවුන්ගේ පවුල්වලටත්ඛේදවාචකයක් වී තිබෙනවා . මම නවක සිසුවෙකු වශයෙන් මේ කලා පීඨයට ඇතුළු වූ දිනයේ මට නවක වදය දෙමින්වද දුන් හැටි මට තාම මතකයි. ඒ අයුරින් මට වද දුන්එදාජේෂ්ඨ සිසුන් මාගේ කාර්ය මණ්ඩලයෙත් සිටිනවා.
නවක වදය නිසා විශ්ව විද්‍යාලය අතහැර ගිය සිසුන් විසින් අප හට ලබාදුන් ලිපි අපි ගාව තිබෙනවා . ඇතැම් අය සිය දිවි නසා ගත්තා. මෑතකදී ගඟට පැනසියදිවි නසාගත් කලා පීඨයේසිසුවා පළමු වසරේ තදබල ලෙසනවක වදයට ගොදුරු වූ සිසුවෙක් .
එම නිසා අප ඉල්ලා සිටින්නේ නවක වදයට වදයට විරුද්ධ සිසුන්ට පහර දෙන්න එපා කියලයි . එසේ පහර දෙන සිසුන්ට විනය ක්‍රියාමාර්ග ගත් විට ඔවුන් වෙනුවෙන් පෙනී හිටින්න එපා කියලත් අපි මහාශිෂ්‍ය සංගමයෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා .මේ පහර දීම් වලට ඔවුන් සම්බන්ධ නෑ කියා කෙතරම් කිව්වත්ඒ අය බේරගන්න පොලිසියට යන්නෙ මහා ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන්”
ෂේන් සෙනෙවිරත්න