ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව වෙනුවෙන් නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයෙක් පත්කිරීමට මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක කටයුතු කර තිබේ.
ඒ අනුව දැනට සුරාබදු කොමසාරිස් ජනරාල් වශයෙන් කොන්ත්‍රාත් පදනම මත සේවය කරනු ලබන ජේ.එම්. ගුණසිරි මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමටත් ජනාධිපති කාර්යාලයේ ජනාධිපති අතිරේක ලේකම් (ආයතන සම්බන්ධීකරණ 2) වශයෙන් දැනට සේවය කරනු ලබන දේශීය ආදායම් සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරී යූ.ඩී.එන්. ජයවිර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරේ වඩ බැලීම සඳහා පත්කර තිබේ.